ජනාධිපති ධුරය දැරූ සමයේ දී ආර්ථිකය හැසිර වූ ආකාරය ගැන පොතක් ලියමින් සිටිනවා - රනිල්
By Nimal Perera

තමා ජනාධිපති ධුරය දැරූ කාලයේ දී ශ්රී ලංකාවේ ආර්ථිකය හැසිරවූ ආකාරය පිළිබඳ කෘතියක් රචනා කරමින් සිටින බව හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ ප්රකාශ කරනවා.
මෙරට නව චීන තානාපති Wei Huaxiang සහ හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ අතර පැවැති සාකච්ඡාවකදී හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබෙනවා.
පක්ෂයේ වැඩ කටයුතු අනෙක් පිරිස වෙත පවරා ඇති බවත්, තමා මේ වන විට ක්රියාකාරීව වැඩ කටයුතුවල නිරත නොවන බවයි හිටපු ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.